විදුහල්පතිනිය දණ ගැස්සූ, හිටපු ප්‍රධාන ඇමති නඩුවෙහි අවසන් තීරණය මෙන්න..
ඌව හිටපු ප්‍රධාන ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූවා යැයි පැවසූ නඩුව ,බදුල්ල සමථමණ්ඩලයේදී ඊයේ (11) දෙපාර්ශවය විසින් සමථයට පත්වීමෙන් අනතුරුව අවසන් කර තිබෙනවා.
භවානි මහත්මිය විසින් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක අනුව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා. එහෙත් නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ.
ඒ අනුව බදුල්ල සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වූ සමථ මණ්ඩලයට ඊයේ (11) දා දෙපාර්ශවයම කැඳවා තිබූ අතර මෙහිදී තමා සමථකයට පත්වීම කැමැති බව භවානි මහත්මිය විසින් දන්වා තිබෙනවා. ඒ අනුව චාමර සම්පත් දසනායක මහතාද එයට එකඟ වූ බව වාර්තාකරු සදහන් කළා. .
මෙම සමථයෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මහතා ….
“දේශපාලන පක්ෂයක ට අයත් වෘත්තිය සමිතියක කීපදෙනෙක් මාගේ දේශාපන ජීවිතයට හානි කිරීමේ අරමුණින් මෙම විදුහල්පතිනිය උපයෝගි කරගනිමින් අසත්‍යය වැපුරුවා. මාධ්‍යවලින් පවා විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා. නමුත් සත්‍යය හෙළිවතුරු මා නිහඩව සිටියා. මේ මඩ ව්‍යාපාරය නිසා ඒ සමගම පැවැති පළාත් සභා මැතිවරණයේදී මගේ බිරිඳ පැරදුනා. මගේ දරුවන් පාසැල්වලට දී අපහසුතාවයට පත්වුණා.
ටිකෙන් ටික ජනතාවට තේරුනා මේ අනුන්ට මඩගසා බලයට එන්නට දගලන කීපදෙනෙකුගේ උත්සාහයක් බව ඒකට හොඳ උදාහරණයක් තමයි ඊට පසු පැවැති මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් ලබා මා පාර්ලිමේන්තුවට පත්වීම.. කොහොම නමුත් මේ විදුහල්පතිනිය ගැන මට කණගාටුයි. අද ඇය තනිවෙලා. අවස්ථාවාදීන් වැඩේ කරගෙන විදුහල්පතිනිය තනි කරලා. සමථ මණ්ඩලයේදී නඩුව අනවශ්‍ය බව ඇය කියා සිටියා.”
භවානි රඝුනාදන් මහත්මියගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇය මේ සම්බන්ධයෙන් පළ කළ අදහස …
මහ ඇමතිතුමතාට සිදුවූ අපකීර්තිය පිළිබදව මා අද අවංකමව කණගාටු වෙනවා. මානව හිමිකම් නඩුවද ඉල්ලා අස්කර ගන්නවා”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |