මාධ්‍යවේදීයෙකුගේ බිරිඳකට විශේෂ තනතුරක්..

Report

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

ගොවි ජනතාවට සුබ ආරංචියක්..

ගොවි ජනතාවට සුබ ආරංචියක්..


ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පැහැදිලි නැතත් ඇයට එම තනතුර පිරිනැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරගෙන ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බොහෝ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පත් කරන ලද අයගේ ලැයිස්තුව අවසන් කිරීමේ ක්‍රියාවලියක රජය නිරත වෙමින් සිටින බවයි. 

You May Like This Video