මහා පරිමාණයෙන් කරගෙන ගිය රට රැකියා ජාවාරම...

Sri Lanka Foreign Employment Bureau Job Opportunity
By Parami Dissanayake Jun 14, 2024 05:51 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මාතර, ගොඩගම පිහිටි ආයතනයක හිමිකරුවෙක් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබුණි.

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළින් ...

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළින් ...

එම පැමිණිලි වලට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එම ජාවාරම මඟින් වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධික බව සඳහන් වේ.

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර, යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීති විරෝධි අයුරින් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කුවේට්හි දී මියගිය ඉන්දියානුවන් 45 දෙනෙකුගේ සිරුරු රැගෙන එයි...

කුවේට්හි දී මියගිය ඉන්දියානුවන් 45 දෙනෙකුගේ සිරුරු රැගෙන එයි...

ඒ අනුව, අදාළ පැමිණිලි විභාග කිරිම සඳහා රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ (13) දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා.

කිලෝ ග්‍රෑම් 100 ට අධික මත් කුඩු තොගයක් ගාලු වරායට...

කිලෝ ග්‍රෑම් 100 ට අධික මත් කුඩු තොගයක් ගාලු වරායට...

අද (14) අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කෙසේ වෙතත්, විදේශ ගමන් තහනමක්ද ඔහුට පනවා තිබෙන බව වාර්තා වේ.

ReeCha