ලෝක ශූරතා බර ඉසිලීමේ තරඟාවලියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ.

By Hashini Sep 02, 2023 07:18 AM GMT
Report

ලෝක ශූරතා බර ඉසිලීමේ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

සෞදී අරාබියේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරඟාවලියට ඉන්දික දිසානායක, ශ්‍රීමාලි සමරකෝන් මෙන්ම හංසනී ගෝමස් යන තිදෙනා සහභාගී වීමට නියමිතයි.

තරඟාවලිය අනිද්දා (04) සිට සෞදී අරාබියේ රියාද් හිදී පැවැත්වෙනවා.