පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්... භාණ්ඩ කිහිපයකම මිල පහළ යයි.. වාසි රැසක්ම.. හේතුව මෙන්න.

Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis Economy of Sri Lanka
By krishani Aug 16, 2023 11:39 AM GMT
krishani

krishani

Report

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මෙලෙස භාණ්ඩ වර්ග 09ක මිල ගණන් පහළ දැමෙනු ඇති.

LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 970ක් වන අතර සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625ක්.

හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1160ක් ද භාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 675ක් වන අතර එය රුපියල් 15කින් පහළ දමා තිබෙනවා.

දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 350ක්, අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මිල පහල දමා ඇති අතර එම භාණ්ඩ සියල්ල රුපියල් 05කින් මිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

රතු කැකුළු සහල් කිලෝ එකක නව මිල රුපියල් 147ක් වන අතර එහි මිල ගණන් රුපියල් 2කින් පහළ දැමීමට පියවර ගෙන ගැනුණා.


- සිතුමි -

ReeCha