ලංකා සතොස සහල් ඇතුළු භාණ්ඩ තුනක මිල පහළ දමයි

Sri Lanka Lanka Sathosa
By Sewvandhi Jun 29, 2023 03:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 03 ක මිළ පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් හෙට(30) දින සිට පහත මිල ගනන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මිලදි ගත හැක.

සුදු කැකුළු දේශීය කි. ග්‍රැ. 01 රු. 165.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 10.00)

සුදු නාඩු දේශීය කි. ග්‍රැ. 01 රු. 168.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 7.00)

රතු කැකුළු දේශීය කි. ග්‍රැ. 01 රු. 137.00 (කලින් පැවති මිලට වඩා ඉතිරිය රු. 2.00)