සතොසට යන පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - දිවයින පුරා පිහිටි ශාඛාවල සේවාවන් ඉහළ නැංවීමට සූදානමක්
ලංකා සතොස ශාඛා මට්ටමින් නිරීක්ෂණය කර ප්‍රගතිය විමසීමේ වැඩසටහන වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එබැවින් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ලංකා සතොස ශාඛා 15 නිරීක්ෂණය කිරීම 07/08 යන දිනයන්හිදී සිදු කළ අතර දිවයින පුරා පිහිටි ශාඛා නිරීක්ෂණය කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.
පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවගේද අදහස් විමසමින් සිදු කරන මෙම නිරීක්‍ෂණයේ අරමුණ වන්නේ ලංකා සතොස ශාඛාවන් මඟින් පාරිභෝගික ජනතාවට දැනට ලබා දෙන සේවාවන් තවදුරටත් ගුණාත්මක අයුරින් ලබා දීමයි.