ලෝකයම පුදුම කරමින් බොරතෙල් මිල තවත් පහළට
By Malith Madushan
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.08ක් දක්වා පහළ ගොස් තිබේ. එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව සියයට 3.03ක අඩුවීමකි.
එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 94.77ක් දක්වා පහළ ගොස් ඇත. එහි මිල පහළ යාම සියයට 3.61ක් ලෙස සටහන් වී තිබේ.