කුණු කූඩයට විසිවුණ සදීරට නොසිතූ ලෙස සංසුවක්

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Jun 14, 2023 02:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (14) LPL ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිවෙක් බලාපොරොත්තු නොවූ සිද්ධියක් සිදුවිය. එම සිදුවීම සදීර සමරවික්‍රම ට වාසනාව ගෙන ආ මොහොතක් විය. ඔහුගේ ආරම්භක ලංසුව වූයේ 20,000කි.

නමුත් වෙන්දේසියට පැමිණි කිසිවෙකු  ඔහු ගැන එතරම් සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නොවූ බැවින් ක්‍රීඩක වෙන්දේසිය සිදුකළ චාරු ෂර්මා, සදීර ගේ නම සඳහන් කාඩ්පත බින් එකට දැමීය.

ඒ සමගම දඹුල්ල පිල සදීර වෙනුවෙන් ලංසුවක් තැබීය. ඒ මූලික වටිනාකම ලෙස දක්වා තිබූ අමෙරිකානු ඩොලර් 20,000කි.

අනතුරුව ඔහු වෙනුවෙන් දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් අතර ඇතිවූයේ දැඩි තරගයකි. කෙසේ හෝ සදීර ව හිමිකර ගැනීමට දඹුල්ල සමත්විය. ඒ වනවිට සදීර ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 68,000කි.


ReeCha