ඔයත් මේ ප්‍රදේශයේ කෙනෙක් ද බලන්න - එහෙනම් මේ දේ ගැනත් දැනගත යුතුමයි..
By krishani
කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එය අද (14) පස්වරු 04 ට නිකුත් කළ අතර එම නිවේදනය හෙට පස්වරු 04 දක්වා බලපැවැත් වෙයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලටත් අදාළ අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ ඒ අවට ප්‍රදේශවලටත් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලාත්මකයි.