ඔබත් මෙන්න මේ ප්‍රදේශවල ද?. එහෙනම් මේ දේ ගැන දැනගෙනම ඉන්න වෙයි..
දින කිහිපයක සිට බොහෝ ප්‍රදේශවලට වැසි ඇදහැලෙමින් පවතී.
ඒ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ය.
මේ අතර, බදුල්ල, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නාය යෑම් විමසිලිමත් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක ය.
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 178.1කි.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ඇදහැලීමත් සමග මේවන විට මාතර නිල්වලා ගඟ පිටාර ගලමින් පවතී.
එමෙන්ම, අකුරැස්ස - පිටබැද්දර මාර්ගය පානදුගමින් ජලයෙන් යටවීමෙන් ගම්මාන රැසක ජනතාවගේ ගමනා ගමනයට බාධා එල්ල වීය.
තවද, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම ජලගැලීම් වාර්තා විය.
උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකටද තද වැසි ඇදහැලෙමින් පවතින පසුබිමක, ඇළ මාර්ග පිටාර ගැලීමෙන් මාර්ග ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇත.
මේ අතර උතුරු මැද පළාතට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවාතකර තිබෙනවා.
කෙසේ වෙතත්, වැසි සමග වත්තල හැමිල්ටන් ඇළෙහි ජල මට්ටම ඉහළයාමත් සමග බෝපිටිය කොළඹ 275 ප්‍රධාන මාර්ගයේ ඇලකන්ද, අලුත් අක්කරය, මැදපාලම ප්‍රදේශ ජලයෙන් යටවීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටී.
You May Like This Video 👇
.