යළිත් දීර්ඝ වූ අනතුරු ඇගවීම..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Nov 09, 2024 01:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පනවා තිබු නායයැමේ අනතුරු ඇගවිමේ නිවේදනය තවත් පැය 24ක කාලයක් සදහා දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයයේ ⁠බදුල්ල, ⁠පස්සර, ⁠හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, ⁠තුම්පනේ, උඩුදුම්බර, යටිනුවර, ⁠පහතහේවාහැට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අවධානයෙන් සිටින ලෙස දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ලෙ, වැලිමඩ, ලුනුගල, බණ්ඩාරවෙල, මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, ⁠දෙල්තොට කෑගල්ල දිස්ත්‍රික්කවේ කෑගල්ල, දෙහිඹ්විට, ⁠බුලත්කොහුපිටිය, ⁠වරකපොල, ⁠යටියන්තොට, ⁠රුවන්වැල්ල, ⁠දැරණියගල, ⁠අරනායක, ⁠ගලිගමුව, ⁠රඹුක්කන, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠ඇහැලියගොඩ, ⁠කුරුවිට සහ - ⁠රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස පළවෙනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයත් නිකුත් කර තිබේ.

ReeCha