භයානක දෙයක්.. මේ ගැන අවදානයෙන්ම ඉන්න - දිස්ත්‍රික්ක 02ක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කල හැකි ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තව දුරටත් නාය යෑමේ අවධානම බලාත්මකයි.
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක ය.
එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන , කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නායයාමේ අවධානම ක්‍රියාත්මක කර තිබෙනවා.