නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් - මේ ප්‍රදේශවල සිටින්නන් විමසිලිමත් වන්න..

Sri Lanka Landslide In Sri Lanka
By krishani Jun 04, 2023 06:39 AM GMT
krishani

krishani

Report

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් විමසිලිමත් වන මෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

ඒ නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් තත්ත්වය පිළිබඳව යි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ, අවදානම පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුව හොත් ආරක්ෂාකාරී තැනකට යෑමට සූදානම් වන ලෙසයි.

කෙසේවෙතත්, නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රදේශයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join