වෙරළ ආශ්‍රිත ඉඩම් නීති විරෝධීව විකිණීමේ ජාවාරමක් (VIDEO)
isolated
Ampara
land sell
arugam bay beach
mangroves
By Sewvandhi
ලෝ සුපතල - මෙරට සුන්දරම වෙරළ තීරයක් වන අරුගම්බේ වෙරළ හා ඒ ආශ්‍රිත ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගෙන ඒවා රුපියල් කෝටි ගණන්වලට විකිණීමේ මහා පරිමාන ජාවාරමක් අනාවරණය කරගත්තා.
සංචරණ සීමා පනවා තිබු පසුගිය කාලසීමාවේ රජයේ ඉඩම්වල කඩොලාන පරිසර පද්ධතියද වනසමින් සිදුකළ එම ජාවාරම් පිළිබඳවයි අද අනාවරණය. අම්පාර දිස්ත්‍රික්කයට අයත් ආරුගම්බේ මුහුදු තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක්.
සර්ෆින් හෙවත් දියමත ලිස්සායාම ක්‍රීඩාව සඳහා බොහෝ පිරිසක් තෝරාගන්නේ ද ආරුගම්බේ මුහුදු තීරයයි.
එලෙස ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ආරුගම්බේ මුහුදු තීරය අවට ඇති වෙරළ සංරක්ෂණ ,වන සංරක්ෂණ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් කලක පටන් අනවසර ඉඩම් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |