රුපියල් මිලියන 5.1ක මූල්ය අක්රමිකතාවක්- ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට
ජාතික තරුණ සේවා සභාවේ (NYSC) හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා මූල්ය අක්රමිකතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර, සාමපුර ප්රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඉදිකර තිබූ ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකර ඇතැයි කියන අක්රමිකතා කිහිපයක් මුල් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ ඉඩම සහ ගොඩනැගිලි රජයේ දේපළක් ලෙස වැරදි ලෙස හඳුන්වා උපබදු ගිවිසුම් සකස් කර, පසුව එම දේපළ ජාතික තරුණ සේවා සභාවෙන් බදු පදනම මත ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම ක්රියාවලියට අදාළව සභාවට අයත් රුපියල් මිලියන 3.8ක මුදලක් නීතිවිරෝධී ලෙස තෙවන පාර්ශ්වයකට ගෙවා ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව, අධ්යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව සභාවේ අරමුදල් භාවිත කරමින් අදාළ ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1.3ක මුදලක් වැය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, මෙම ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් මිලියන 5.1ක මූල්ය පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ලලිත් පියුම් පෙරේරා මහතා අද (28) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.