රැඳවියාගේ ඝාතන සිද්ධිය ට අදාළව තිදෙනෙකුගේ වැඩ තහනම්

By Sewvandhi Jan 23, 2022 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියෙකුට පහරදී ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා පාලන), බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා ඒ බව පැවසීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, "

වසර 4ක සිර දඬුවමක් විඳිමින් සිටි චමින්ද හෙට්ටිගේ නමැත්තා මාතර බන්ධනාගාරයේ සිට කදුරුගස්ආර බන්ධනාගාරයට මාරු කර යැවීමෙන් අනතුරුව එහි කෘෂිකර්මාන්ත කටයුතුවල යෙදී සිටින අතරතුර පැන ගොස් තිබෙනවා.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණා." "මේ පිළිබඳව චමින්ද හෙට්ටිගේ නමැත්තාගේ දියණිය මාධ්‍ය හමුවක් පවත්වා

සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු යටතේ පරීක්ෂණයක් පැවැත්වෙනවා." "අද දිනයේ ඇයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතුවලට බාධාවක් ඇති නොවන ලෙසට අදහස් කරමින් බන්ධනාගාර ජේලර්වරයක්, සැරයන්වරයෙක් සහ

නියාමකවරයෙක් යන තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා." "මෙවැනි දෑ සිදුවී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කනගාටු වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha