මට ඔහු බිංදුවයි...මිය ගිය නන්දනටත් සැර කතාවක් - ලකුණු දෙන්න මැරෙන කල් හිටපු ලාල්කාන්ත
අද(18) දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩි ලාල් කාන්ත මහතා විසින් අදහස් පළ කර ඇත.
ඒ සිය සමාජ ජාල ගිණුමේ තැබූ සටහනකින්. එහිදී ඔහු පවසන්නේ නන්දන ගුණිතලක මහතාගේ වටිනාකම තමාට අනුව ලකුණු බිංදුවක් බවයි.
අදාළ සම්පූර්ණ සටහන පහතින්,
නන්දනගේ කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් දවස් ගාණක් ඇඳන් හිටියේ එකම ටී ෂර්ට් එකක් - මැරුණු නන්දන ගැන විමල් සංවේදී වෙයි
"මට ඔහු බිංදුවයි.,
නන්දන ගුණතිලක අපේ පක්ෂය ගොඩගන්න කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට දේශපාලන ළකුණු 10 ක් දෙමි.
නන්දන ගුණතිලක පක්ෂය විනාශ කිරීමට කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට ඍණ ළකුණු 10 ක් දෙමි.
10-10 = 0"