කාලාකරු ලක්ෂ්මන් විජේසේකරයින්ගේ අවසන් කටයුතු අද..
Sri Lanka
Music
Lakshman wijesekara
By Aruna
මෙරට කලා ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් කළ සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු ද වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඉකුත් දොළොස් වැනි දා අභාවප්‍රාප්ත වුණා.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මිය යන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.
සඳ කිනිති නැමී, දැල් වූ පහන්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරුවකි ආදී ජනාදරයට පත් වූ ගීත රැසක් ඔහු ගායනා කළා.
අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා ගල්කිස්ස කලාපුර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
