ලේක්හවුස් ලොක්කෝ 11කට විරුද්ධව නඩු

Crime Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 24, 2025 09:30 AM GMT
Ashfa

Ashfa

Report

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන පුෂ්පකුමාර බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර, තමන් ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් කැළණි වැලි අංගනයේ ශාඛාවට අසාධාරණව ස්ථාන මාරු කිරීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

මෙම පෙත්සම ජේෂ්ඨ නීතිඥ N.S. වෙල්ගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අතර, එමඟින් දැක්වෙන්නේ පෙත්සම්කරු වසර 20කට අධික කාලයක් පුරා ලේක්හවුස් ආයතනයේ ස්ථීර සේවකයෙකු ලෙස කටයුතු කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරියෙකු හා පිළිගත් වෘත්තීය සමිති නායකයෙකු වන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, කිසිදු යථාර්ථානුකූල හෝ සාධාරණ හේතුවක් නොමැතිව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති අතර, එය තමන්ට දැඩි ලෙස අසාධාරණ සහ මනෝවිකාස හේතු වී ඇති බවයි.

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ, තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්චයයක් ලබාදෙන ලෙසත්, එම හේතුවෙන් සිදුවූ හානිය හා වේදනාව වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දික් ගෙවනු යැයි වගඋත්තරකරුවන්ට නියෝගයක් ලබාදෙන ලෙසත්ය.

මෙම නඩුවෙහි වගඋත්තරකරුවන් ලෙස සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, එහි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, කර්තෘ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්, මුල්‍ය, මෙහෙයුම් සහ නීති අධ්‍යක්ෂවරුන් හා ලේක්හවුස් සාමාන්‍යාධිකාරිය ඇතුළත් පුද්ගලයින් 11 දෙනෙකු නම් කර තිබේ.

ReeCha