ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..සියලු ලග්නයන්ට ගුණ අගුණ මෙතනින් දැනගන්න.(VIDEO)

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Feb 12, 2025 11:50 PM GMT
Aruna

Aruna

Report

ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දවල් 01.54 - 03.23 සුබ දිශාව - උතුර

🔴 මේෂ ලග්නය

 විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි.

🔴 වෘෂභ ලග්නය

පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

🔴 මිථුන ලග්නය

අමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ සුහදතාවයට කටයුතු උදා කරන බවක් පෙනේ.

🔴 කටක ලග්නය

සිතේ චංචලකාරී බවකින් කටයුතු සිදු කරයි. සෙම් රෝග, පෙනහළු ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

🔴 සිංහ ලග්නය

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. සැනසිලිදායක ලෙස දවස ගෙවයි.

🔴 කන්‍යා ලග්නය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. හිතවතකුගෙන් ත්‍යාගයක් හිමිවන දිනයකි.

🔴 තුලා ලග්නය

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සිතට සතුට සැනසීම ගෙනදෙන දිනයකි. අමතර ලැබීම් හිමිවන බවක් පෙනේ.

🔴 වෘශ්චික ලග්නය

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදු වේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

🔴 ධනු ලග්නය

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදේ.

🔴 මකර ලග්නය

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී වන්න.

🔴 කුම්භ ලග්නය

පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. අසරණ කෙනෙකුට පිහිටවීමට කටයුතු උදා කරයි.

🔴 මීන ලග්නය

හදිසි ආදායම් මාර්ගයක් යෙදෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිපයක් සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි.

සතියේ ලග්න පලාඵල ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න👇


ReeCha