දන නොගැසූ නිසා ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කරයි

South africa Crickey sri lankq
By Sithumi Oct 26, 2021 12:36 PM GMT
Sithumi

Sithumi

Report

ජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණ නො-නැමීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති තරගයට කුවින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුලත් නොකර ඇති බවයි වාර්තා පළවන්නේ. 

ජාතිවාදයට එරෙහිව විරෝධය පාමින් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දණ හිසෙන් හිදිමින් ඊට සහය දක්වනු ලබනවා. ඒ සියලු පුද්ගලයින් ක්‍රීඩාව හරහා එක් මාවතකට රැගෙන ඒමට ඇති හැකියාව නිසායි. 

 කෙසේ වුවත් කුවිටන් ඩී කොක් විසින් ගනු ලැබූ මෙම පෞද්ගලික තීරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. 

දකුණු අප්‍රිකාව ද කලක් ජාතිවාදය හේතුවෙන් දැඩි සේ පිඩාවට පත්වූ රටක් වීම හේතුවෙන් සිය ක්‍රීඩකයින්ට ඊට විරෝධය පාමින් දණ හිසෙන් හිදිමින් සහය දක්වන ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha