නිරෝධායන රීති කඩකළ නගරාධිපතිගේ උපන්දින සැමරීම (VIDEO)

covid19 isolated mayor quarantine kurunagala
By Sewvandhi May 31, 2021 09:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිරිත් සජ්ජායනයක් අතර වාරයේදී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිවගේ උපන් දිනය වෙනුවෙන් සැමරීමක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් ඊට එක්වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම මත විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. ” ආගමික කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

නමුත් ඊට මුවා වෙලා මෙවැනි අයුරින් උපන්දින සැමරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව වයඹ පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරීවරයෙක් ගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මුව ආවරණ නොමැතිව උපන් දින සැමරීම සම්බන්ධයෙන් සහ නිරෝධායන රීති කඩ කිරිමේ සිද්ධිය ගැන විම්ර්ෂන සිදුකරනවා වගේම මීට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහය අනුව විමර්ශන සිදුකරනවා.

මෙවැනි දේවල් පොලිසිය මැදිහත්වී සිදුනොකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now