හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි..හදිසියේ සිදු වූ දේ.

Kumara Welgama Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Death
By Aruna Sep 28, 2024 01:39 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙන්නේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට වෙල්ගම මහතා වයස අවුරුදු 74 වියේ පසු විය.

හිටපු අමාත්‍ය වෙල්ගම මහතා 1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළා.

විදුලි ගාස්තු නව ජනපති දැනෙන ගණනකින් අඩුකරන්න යයි..

විදුලි ගාස්තු නව ජනපති දැනෙන ගණනකින් අඩුකරන්න යයි..


2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, 2010 වසරේ සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයේ කටයුතු කළේ කුමාර වෙල්ගමයි.

2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දීමෙන් පසු පක්ෂයෙන් ඉවත් විය.

ලග්න කිහිපයකට අද ශරීරගත රෝග උත්සන්න වෙයි..මේ ලග්න වල අය පරිස්සම් වන්න.

ලග්න කිහිපයකට අද ශරීරගත රෝග උත්සන්න වෙයි..මේ ලග්න වල අය පරිස්සම් වන්න.


අනතුරුව නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ වෙල්ගම මහතා, 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක්ව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%