හැමෝගෙම ආදරය දිනාගත් ආදරණිය සංගාගේ පුංචි කැදැල්ලේ ජායාරූප එකතුවක්..!
කුමාර් සංගක්කාර කිව්වම කවුද නොදන්නේ. නම විතරක් නෙමෙයි කටහඬ ඇහුනත් රූපය දැක්කත් හැමෝම හඳුනා ගන්නවා. ඒ තරම්ම ක්‍රිකට්වලට ආදරේ කරන ක්‍රීඩා ලෝලීන් ඔහුට ආදරෙයි.
ක්‍රීඩකයෙක් විදිහට ක්‍රිකට්වලට සමු දුන්නත් තවමත් ක්‍රීඩාවත් එක්ක ඔහු ජිවත් වෙන්නේ. ජාත්‍යන්තර පිටිය පවා ජයගත් ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. දරුවන් දෙදෙනෙකුගේ
කුමාර් සංගක්කාර (උපත 27 ඔක්තෝම්බර් 1977, මාතලේ, ශ්‍රී ලංකාව) යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය. ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට(12) පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර වේ. ඔහු සිය 11වන ටෙස්ට් ද්විත්ව ශතකය 2015 ජනවාරි 4 දින නවසීලන්තයෙ වෙලින්ටන් හිදී නවසීලන්තයට ඒරෙහිව ලබාගන්නා ලදී.
මුල් කාලය.
කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලදි. සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එකම පාසල වන ත්‍රිත්ව විද්‍යාලයෙනි.
වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.
මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී.2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .
බොහෝ දෙනෙක් පවුලේ ඡායාරූප දැකලා නැහැ. මේ ඔහුගේ ඡායාරූප එකතුවක්.









