එක් ප්‍රදේශයක කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සෞක්‍ය අංශ අවධානයෙන්
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ආශ්‍රිතව පසුගිය සති දෙක තුළ කොවිඩ් ආසාදිතයින් 79දෙනෙක් වාර්තා වී තිබේ. අප කළ විමසීමක දී කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කර සිටියේ, සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් එම ආසාදිතයින් හඳුනාගත් බවය.
ආසාදිතයින්ගෙන් බහුතරයක් එලතලව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එම ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව මෙලෙස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගත් බව ද වෛද්‍ය උත්පල ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
අද (25) දිනයේ දී ද නව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වූ බව පැවසු වෛද්‍යවරයා, ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප්‍රදේශයන්හි සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාදිතයින්ගෙන් සියයට 72ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය බව ද සඳහන් කළේය.
ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ඉදිරියේ දී භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවිය හැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 412ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.