හරක්කටා සමඟ අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ කුඩු සළිඳුට ඇප ලැබුණු හැටි.
Supreme Court of Sri Lanka
Drugs
By Wayomi
සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් සහදැඩි ඇප කොන්දේසි මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර විසින් නියෝග කර තිබෙනවා.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර ඇත.
ඔහුට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබුනා.
නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්. කේ. කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතයි.
මාලිමා රජය මොකක්ද මේ කරලා තියෙන්නේ.? - රජය බදු සංශෝධනයෙන් ඉතිරි කිරීමේ ගිණුම් ලක්ෂ 161කට රැදවුම් බදු වැඩි කරලා.
You May Like This Video