කුඩු අංජුගේ ප්‍රංශයේ සුපිරි අවන්හල - සුරූපී ප්‍රංශ පෙම්වතිය ද නර්තන ඉදිරිපත් කරන්න සහභාගී වෙලා..
පාතාල නායක රත්මලානේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ මුදල් විශුද්ධිකරණය යටතේ ය.
ඔහුගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික තරුණියගේ නමින් ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන පවත්වාගෙන ගිය බව වාර්තා වේ.
එම අවන්හල නමස්තේ යන නමින් පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එහි නිතර සාද පැවැත්වෙන බවත් එයට කුඩු අංජු නැමැත්තාගේ සුරූපී ප්‍රංශ පෙම්වතිය ද සහභාගි වී නර්තන ඉදිරිපත් කරන බවත් වාර්තා වන්නේ.
ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවට සැලකෙන ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත සහ බටුවත්තේ චාමර නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතු සඳහා රත්මලානේ කුඩු අංජු නැමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව ද සඳහන් වේ.
කෙසේවෙතත්, රත්මලානේ කුඩු අංජු නැමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |