ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක් - අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්න

Report

අද (05) උදෑසන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව විවෘත කර ඇත. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසන්නේ අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර 130ක පමණ ශීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට නිදහස් කිරීම ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කර ඇත්තේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හා පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිමේ අවදානමක් පවතින බවයි.

ප්‍රදේශ 5ක ජනතාවට අනතුරු ඇඟවීම් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනය

ප්‍රදේශ 5ක ජනතාවට අනතුරු ඇඟවීම් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ මේ පිළිබඳව අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

තවද ජලාශයට ලැබෙන ජල ශීඝ්‍රතාවය අනුව ජලාශයෙන් නිදහස් කරන ජල ශීඝ්‍රතාවයන් වෙනස් විය හැකි බවද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ. 

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -