ප්‍රදේශ 5ක ජනතාවට අනතුරු ඇඟවීම් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනය
අද (05) උදෑසන 8ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව තත්ත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම්දී තිබේ.
මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද දැනුම්දී ඇත.