කොරියානු නාවික යුද නෞකාවක් නිළ සංචාරයකට කොළඹ වරායට

Sinhala news
By Shehan Apr 23, 2025 05:51 AM GMT
Shehan

Shehan

Report

කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකුල වශයෙන් උත්කර්ෂවත් ආකාරයකින් පිළිගැනිණි.

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

Destroyer වර්ගයට අයත් මෙම යුද නෞකාව දිගින් මීටර් 149.5 ක් වන අතර, නැව්මුළුව 262 ක්ගෙන් සමන්විතය. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ කපිතාන් Kuon Yong Gu ය.

ශ්‍රී ලංකාවේ නිළ සංචාරය සිදුකරන අතරතුර, නෞකාවේ නිලධාරීන් හා නාවික සෙබළුන් සඳහා දිවයිනේ විශේෂ සංචාරක ස්ථාන පිළිබඳ සංචාර මාලාවක්ද සංවිධානය කිරීමට නියමිතය.

"අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම්, කොකිස් බදිනවා දැක්කාද?"

"අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම්, කොකිස් බදිනවා දැක්කාද?"

මෙම සංචාරය අවසන් කරමින් ‘KANG GAM CHAN’ නෞකාව 2025 අප්‍රේල් 24 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව ඇත.  

ReeCha