හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

By Shehan Aug 22, 2025 08:16 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ රජයේ මුදල් යොදාගනිමින්, ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනයට පෞද්ගලික සංචාරයක් ලෙස ගිය බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි 24 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මෙම පසුබිම යටතේ, විමර්ශනයට අදාළ ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, ඔහු පෙරවරු 9ට පමණ එහි පැමිණ ඇත.

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

පස්වන දිනටත් උණුසුම් වූ තැපැල් වර්ජනය ආරක්ෂාවත් තරවේ

පස්වන දිනටත් උණුසුම් වූ තැපැල් වර්ජනය ආරක්ෂාවත් තරවේ