කොරියන් රැකියා සිහිනයට අලුත් බලාපොරොත්තුවක්..මේ අයට ලඟදීම යන්න පුලුවන්..

Manusha Nanayakkara Sri Lanka South Korea
By Aruna Nov 04, 2022 01:05 AM GMT
Aruna

Aruna

Report

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා අතර සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද දෙපාර්ශවයේ අවධානය යොමුවී ඇත. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන ඊ 9 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහාද මෙහිදී අවධානය යොමුවූ අතර කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවත වරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

මේ අතර කොරියානු ධීවර ක්ෂේත්‍රෙය් ව්‍යාපාරිකයින්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසට අමාත්‍යවරයා, කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධිවර සංවිධානයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එයටද යහපත් ප්‍රතිචාර හිමිව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now