කොළොන්නාව - කොළඹ වරාය නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය අනුමත වෙයි
කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (17) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ.
වර්තමානයේ කොළොන්නාව - කොළඹ ප්‍රදේශයේ ආනයනික ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනය නළ මාර්ග 5ක් මඟින් සිදු කරනු ලබන අතර, මෙම නළ මාර්ග පැරණි සහ නිරන්තර කාන්දුවීම් වලට ලක්වෙමින් පවතී. එබැවින්, විශ්වාසදායක නළ මාර්ග පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කැඳවා තිබියදී, සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ දී ප්‍රශ්න ඇතිවීම හේතුවෙන් මෙතෙක් ඒ ක්‍රියාවලිය සාර්ථක නොවීය.
කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ
- කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට කොළොන්නාව නිමාව දක්වා, අඟල් 18 සහ අඟල් 14 විශ්කම්භයකින් යුත් නළ ඇතුළත පරීක්ෂා කළ හැකි යන්ත්‍රෝපකරණ භාවිතා කළ හැකි නළ මාර්ග 2ක් ඉදිකිරීම.
- කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට සේරම් ගේට්ටුව දක්වා, අඟල් 12 විශ්කම්භයකින් යුත් මුහුදු පත්ල යටින් දිවෙන නළ මාර්ග කොටස ඉදිකිරීම.
- කොළඹ වරාය සහ කොළොන්නාව නිමාවේ පර්යන්ත අවශ්‍යතා අනුව වෙනස්කම් සිදු කිරීම.
මෙම ව්‍යාපෘතිය ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම (EPCC) ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.