දේශබඳු ගැන තොරතුරු දන්නවා නම් CIDයට දැනුම් දෙන්න

By Gagana News Mar 06, 2025 09:37 AM GMT
Report

වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.

මිද්දෙණිය කජ්ජාට වෙඩි තැබූ වෙඩික්කරු සියල්ල වමාරයි - බැකෝ සමන් දුන්න කොන්ත්‍රාත්තුවක්ලු!

මිද්දෙණිය කජ්ජාට වෙඩි තැබූ වෙඩික්කරු සියල්ල වමාරයි - බැකෝ සමන් දුන්න කොන්ත්‍රාත්තුවක්ලු!

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බව ද තහවුරු කළේය.

එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.

වෙනදාට වඩා වෙහෙසක් රැගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද පැවසීය.