අයිස් ජාවාරම්කරුගෙන් පොලිසියට පිහි ප්‍රහාරයක්.

Sri Lanka Police Badulla Sri Lanka Drugs
By Hashini Aug 30, 2023 08:33 AM GMT
Hashini

Hashini

Report

අද (30) අලු‍යම 1.00 පමණ ඇල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ඇල්ල ගොටුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණීම නිසා තුවාල ලැබූ නිළධාරීන් දෙදෙනා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි ඇල්ල පොලීසිය පවසනවා.

මෙසේ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත්තේ, ඇල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඇල්ල පොලීසියට ලැබුනු තොරතුරක් මත අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පුද්ගලයා පොලිස් නිළධාරීන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කර තිබුණා.

ඇල්ල පොලීසිය විසින් මෙම පුද්ගලයාද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ReeCha