කිරිදිවැල සිනමාහලෙන් ගිනිඅවි හා උණ්ඩ රැසක් - සැකකරුට රැඳවුම් නියෝග

Report

කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමාහලක් තුළ තිබී ගිනිඅවි, ජීව පතොරම් සහ අත්බෝම්බ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත ඊයේ (17) සවස අදාළ සිනමාහල පරීක්ෂා කළ බවයි.

එහිදී ගිනිඅවි සහ ජීව පතොරම් සමඟ අත්බෝම්බ ද සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිනමාහලෙන් සොයාගත් අවි සහ පතොරම් පොලිසිය භාරයට ගත් දෑ අතර විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක්, රිවෝල්වරයක්, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් ගිනිඅවියක් සහ බෝර 12 ගිනිඅවියක් ද වේ.

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

මීට අමතරව, බෝර 12 ජීව පතොරම් 398ක්, බෝර 16 ජීව පතොරම් 278ක් සහ පොයින්ට් 32 වර්ගයේ ගිනිඅවි සඳහා යොදන ජීව පතොරම් තොග දෙකක් ද සොයාගෙන තිබේ.

එම පතොරම් තොග දෙකෙහි පිළිවෙළින් පතොරම් 49ක් සහ 3,083ක් අඩංගු බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ජීව අත්බෝම්බ දෙකක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ. සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාලිමාවේ කාන්තා බලය පෙන්වන බදුල්ලේ සමුළුව ඇරඹෙයි

මාලිමාවේ කාන්තා බලය පෙන්වන බදුල්ලේ සමුළුව ඇරඹෙයි