බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ - අසත්‍ය ප්‍රචාර කරන්නට නීතිය දැඬි වෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Report

බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැති බවත් අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත.

විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ (17) පස්වරු 8.30 ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසුව ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

උන්වහන්සේගේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා අදාළ එක්ස් කිරණ පරීක්ෂණයන් , අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන්, ලේ පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කර ඇත.

ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්‍යවරුන් උන්වහන්සේට යෝජනා කර ඇත්තේ ෙ පූර්ණ රෝහලට හදිසි අනතුරු ඒකකයට වාට්ටු හදිසි අනතුරු වාට්ටුවලට ඇතුලත් කරලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාවය උන්වහන්සේට දැනුම් දී තිබේ.

ලංකාවම කණපිට ගැසූ හදිසි විදුලි බිඳ වැටීම - ඉන්ධන පිරවුම් අසළ දිගු පෝලිම් - ජල පවිත්‍රාගාර කටයුතුත් ඇනහිටියි

ලංකාවම කණපිට ගැසූ හදිසි විදුලි බිඳ වැටීම - ඉන්ධන පිරවුම් අසළ දිගු පෝලිම් - ජල පවිත්‍රාගාර කටයුතුත් ඇනහිටියි

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ නමුත් උන්වහන්සේ ඒ ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා රෝහලෙන් පැයකට පමණ පසු රාත්‍රී 9.30 ට පමණ ආසන්න වෙලාවකදී ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇති බවයි.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව කුපිත කරමින්, නොසන්සුන්තාවක් ඇතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඉහත සිදුවීමට අදාළව කිසිදු පහරදීමක් සිදුවී නොමැති බවයි එසේම අසත්‍ය ප්‍රචාර සමාජගතකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.