''නගර ගිනි ගනී, බැංකුත් සුපිරි වෙළෙඳසලුත් විනාශයි'' - ප්‍රංශය උණුසුම් කරමින් 1200ක් අත්ඩංගුවට

By Malith Madushan Oct 18, 2026 03:55 AM GMT
Report

ප්‍රංශය පුරා පැතිර ගිය විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් 1,200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ගැටුම් අතරතුර ගොඩනැගිලි ගිනි තැබීම් සහ වෙළෙඳසැල් කොල්ලකෑම් ද වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෙනසුරාදා පැවති මෙම විරෝධතාවලට පාසල් සිසුන්ට සහාය දක්වන පිරිස් මෙන්ම ජීවන වියදම ඉහළ යෑම සහ සමාජ සුබසාධන පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරන කණ්ඩායම් ද එක්ව සිටියහ.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඇතැම් පිරිස් පොදු ගොඩනැගිලි, සුඛෝපභෝගී වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වී තිබේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම්වලදී පුද්ගලයන් 1,200ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිස් නිලධාරීන් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

සංගීත ලොවක් හඬවමින් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වෙයි

සංගීත ලොවක් හඬවමින් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වෙයි

නගර ශාලාවකට ගිනි තබයි

ප්‍රංශයේ ලිමොජ් නගරයේ නගර ශාලාවට මුහුණු ආවරණය කරගත් විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති අතර, එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව තිබේ. ප්‍රාදේශීය බලධාරියෙකු සඳහන් කර ඇත්තේ ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ වහලය පහළ මහල් මතට කඩා වැටී ඇති බවයි.

වසර 143ක් පැරණි එම ගොඩනැගිල්ලට සිදුවූ හානිය එරට උරුමයට විශාල පාඩුවක් බව ද ඔහු පවසා ඇත. මර්සෙයි නගරයේදී ද විරෝධතාකරුවන් නගර ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර, පසුව පොලීසිය මැදිහත් වී ඔවුන් ඉවත් කර තිබේ.

පැරිසියේ වෙළෙඳසැල් කොල්ලකයි

ප්‍රංශ අගනුවර වන පැරිසියේ පැවති සාමකාමී පාගමනක් ද පසුව ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇත. එහිදී විරෝධතාකරුවන් පොලීසිය වෙත ගල් සහ රතිඤ්ඤා වැනි දෑ එල්ල කර ඇති අතර, බැංකු සහ වෙළෙඳසැල් කිහිපයකට ද හානි සිදුකර තිබේ.

ලැකොස්ට් ඇතුළු වෙළෙඳසැල් කිහිපයක් කොල්ලකා ඇති අතර, ජංගම දුරකථන අලෙවිසැලකට ද කඩා වැදී ඇති බව වාර්තා වේ.

ඇතැම් ස්ථානවල කසළ බඳුන් සහ ලොරි රථයකට ද ගිනි තබා තිබේ. මෙම ගැටුම් හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට තම නිවාසවල දොර ජනෙල් වසාගෙන සිටීමට සිදුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක ප්‍රකාශයක්

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක ප්‍රකාශයක්

ජීවන වියදමට එරෙහිව ජනතාව වීදි බසී

මෙම විරෝධතා ආරම්භ වී ඇත්තේ පසුගිය මාසයේදී පැරිසියේ උතුරු ප්‍රදේශයේ පාසල් කිහිපයක ඇති වූ විරෝධතා සමඟිනි. ගුරුවරුන්ගේ හිඟය සහ පාසල්වල පහසුකම් සම්බන්ධ ගැටලු මුල් කරගත් විරෝධතා පසුව රට පුරා පැතිර ගොස් තිබේ.

ඉහළ යන ජීවන වියදම, අසමානතාව, රාජ්‍ය වියදම් අඩුවීම සහ පොදු සේවාවල ගුණාත්මකභාවය පහත වැටීම සම්බන්ධයෙන් ද ජනතාව සිය විරෝධය පළ කර ඇත.

ප්‍රංශයේ ප්‍රධාන වෘත්තීය සමිති අතරින් එකක් වන CGT සමිති සංවිධානය ද මෙම විරෝධතාවලට සහාය දක්වා ඇති අතර, වැටුප් සහ විශ්‍රාම වැටුප් ඉහළ නැංවීම, මිල ගණන් අඩු කිරීම සහ පොදු සේවා ආරක්ෂා කිරීම එහි ප්‍රධාන ඉල්ලීම් අතර වේ.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන් නුනෙස් ප්‍රකාශ කර ඇත්තේ සාමකාමී විරෝධතා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ බවයි.

කෙසේ වෙතත්, රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට සැලසුම් කර නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද විරෝධතා පැවැත්වීමේ අයිතියට ගරු කරන අතරම පුද්ගලයන්ට සහ දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

ලෝකයටම අමතක වුණ ගාසා දරුවන් - ළමුන් 340කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - ළමුන් ලක්ෂ අටක් අනතුරේ

ලෝකයටම අමතක වුණ ගාසා දරුවන් - ළමුන් 340කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - ළමුන් ලක්ෂ අටක් අනතුරේ