''රට පුරා විදුලිය බිඳවැටුණේ ඇයි?'' - විමර්ශන වාර්තාව මාසයකින්

Report

දිවයින පුරා ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

එම සමාගමේ සභාපති ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, අදාළ පරීක්ෂණයෙන් අනතුරුව සකස් කරන විමර්ශන වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවයි.

ඊයේ සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට හේතු සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳ තොරතුරු වාර්තාවට ඇතුළත් කිරීමට නියමිතය.

එමෙන්ම, අනාගතයේදී මෙවැනි විදුලි බිඳවැටීම් සිදුවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු අවශ්‍ය ක්‍රියාමාර්ග ද එම වාර්තාව මගින් නිර්දේශ කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කැලෑවක සැඟවුණු රහසක් එළියට - විදෙස් පිස්තෝලයක් හමුවෙයි

කැලෑවක සැඟවුණු රහසක් එළියට - විදෙස් පිස්තෝලයක් හමුවෙයි

රැකියා සඳහා විදෙස් ගත වූ ලාංකිකයන් - කුවේට් ගෘහ සේවයට ගොස් වාර්තා තබයි

රැකියා සඳහා විදෙස් ගත වූ ලාංකිකයන් - කුවේට් ගෘහ සේවයට ගොස් වාර්තා තබයි