ලාෆ් ගෑස් සහ ලිට්රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්
අද (18) මෙට්රික් ටොන් 3,900 ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් දිනයේදී මෙරටට ළඟා වීමට නියමිතව ඇත.
ලිට්රෝ සමාගම ප්රකාශ කළේ ඊයේ දිනයේදී ද කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, අද දිනයේදී ද ගෑස් සිලින්ඩර 85,000 ක් බෙදා හැරීමට නියමිත බවයි.
වෙළඳපොළේ පවතින ලිට්රෝ ගෑස් හිගය එළඹෙන අගහරුවාදා වන විට සම්පූර්ණයෙන්ම විසදෙන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පවසයි.
රියදුරු බලපත්ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්ර මුද්රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ දින පසුගිය දින 2 තුළදී ගෑස් බෙදා නොහැරීම මෙම හිඟයට හේතුව බවයි.
මේ අතර, ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය ප්රකාශ කළේ, එළඹෙන 20 සහ 24 යන දින තුළදී මෙට්රික් ටොන් 3,800 ක් රැගත් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට සහ මෙට්රික් ටොන් 3,500 ක් රැගත් ගෑස් නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි. a