කැලෑවක සැඟවුණු රහසක් එළියට - විදෙස් පිස්තෝලයක් හමුවෙයි
By Malith Madushan
නවගමුව, මහවෙල ප්රදේශයේ කැලෑවක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, සොයාගත් පිස්තෝලයේ අනුක්රමික අංකය මකා දමා තිබූ බවයි. ගිනිඅවිය එම ස්ථානයේ සඟවා තැබූ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.