ලංකාවේ කාලගුණයේ වෙනසක් - අද දහවල් මේ පැති සඳහා - හදිසියේම වෙනස් වීමට නියමිත කාලගුණය
By Ashfa
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව ද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද වාර්තා වේ.