“තරුණ ඇමති පිස්තෝලයක් අතැතිව මත්ද්‍රව්‍ය තිප්පොළකට කඩා පනී” - බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

Report

බංග්ලාදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු පිස්තෝලයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක් අතැතිව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබේ.

බංග්ලාදේශයේ විමුක්ති යුද කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඉෂ්රාක් හොසේන් (Ishraque Hossain) විසින් මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට එක්කර තිබේ.

එහි දැක්වෙන්නේ ඔහු වාහනයකින් බැස එක් අතක ශබ්ද විකාශන යන්ත්‍රයක් ද, අනෙක් අතේ පිස්තෝලයක් ද රැගෙන පිරිසක් පසුපස හඹා යන ආකාරයයි.

ඔහු සමඟ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පිරිසක් ද එම වැටලීමට එක්ව සිට ඇති අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් එක් අයෙකු ද ගිනිඅවියක් රැගෙන සිටින අයුරු වීඩියෝවේ දැක්වේ.

''නගර ගිනි ගනී, බැංකුත් සුපිරි වෙළෙඳසලුත් විනාශයි'' - ප්‍රංශය උණුසුම් කරමින් 1200ක් අත්ඩංගුවට

''නගර ගිනි ගනී, බැංකුත් සුපිරි වෙළෙඳසලුත් විනාශයි'' - ප්‍රංශය උණුසුම් කරමින් 1200ක් අත්ඩංගුවට

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ගෙන්ඩාරියා දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මුඩුක්කු ප්‍රදේශයකදීය.

එහිදී අදහස් දක්වන අමාත්‍යවරයා, “ඔබ මුළු නගරයම විනාශ කරනවා. මුළු ප්‍රදේශයම විනාශ කරනවා” යනුවෙන් පවසන අයුරු වීඩියෝවේ ඇසෙයි.

වැටලීමේදී අමාත්‍යවරයාගේ සහායකයන් විසින් රඳවා ගනු ලැබූ ඇතැම් පුද්ගලයන් තමන් නිර්දෝෂී බව පවසා තිබේ. එහිදී අමාත්‍යවරයා ඔවුන්ට පවසා ඇත්තේ පොලිසිය පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවයි.

පොලිසිය දැනුවත් කර නොතිබූ බව හෙළි වෙයි

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩකා මෙට්‍රොපොලිටන් පොලිසියේ අතිරේක නියෝජ්‍ය කොමසාරිස් මසූද් රානා පවසා ඇත්තේ වැටලීමට පෙර අමාත්‍යවරයා පොලිසිය දැනුවත් කර නොතිබූ බවයි.

පසුව ඒ පිළිබඳව දැනගත් බව ද ඔහු සඳහන් කර තිබේ. ගෙන්ඩාරියා පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මොනිර් උස්සමාන් මොනිර් පවසා ඇත්තේ අමාත්‍යවරයා ඇතුළු පිරිස පුද්ගලයන් හයදෙනෙකු රඳවාගෙන ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් ඔවුන් භාරයට ගත් බවයි.

එම පුද්ගලයන් සන්තකයේ තිබී කිසියම් කුඩු වර්ගයක් සොයාගෙන ඇති බවත්, එය මත්ද්‍රව්‍යයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර තිබේ.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක ප්‍රකාශයක්

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක ප්‍රකාශයක්

වීඩියෝව මකා දැමීමටත් පියවර

වයස අවුරුදු 39ක් වන ඉෂ්රාක් හොසේන්, බංග්ලාදේශ අගමැති තාරික් රහ්මාන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) නියෝජනය කරන අයෙකි.

ඔහු පෙබරවාරි 12 පැවති මැතිවරණයෙන් එම ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. “ඉෂ්රාක්ගේ මෙහෙයුම, මත්ද්‍රව්‍ය තිප්පොළවල් විනාශ කර ජාවාරම්කරුවන් පොලිසියට භාර දෙයි” යන සටහන සමඟ ඔහු මෙම වීඩියෝව පළ කර තිබුණි.

ඩකා නගර මධ්‍යයේ තම මැතිවරණ කොට්ඨාසයේ විවිධ ප්‍රදේශවල මීට පෙර ද මත්ද්‍රව්‍ය විරෝධී වැටලීම් සිදුකර ඇති බවත්, එම ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන තෙක් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් එම සටහනේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, වීඩියෝව ප්‍රචාරය වීමෙන් පසු අමාත්‍යවරයෙකු මෙවැනි ආකාරයකින් වැටලීමකට එක්වීම සුදුසු ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවී ඇත. ඒ අනුව පසුව එම වීඩියෝව ඉවත් කර තිබේ.

වීඩියෝවේ ඇතැම් කොටස්වල අමාත්‍යවරයා අතැති පිස්තෝලය අපැහැදිලි කර තිබුණ ද, තවත් කොටස්වල ඔහු ගිනිඅවියක් රැගෙන සිටින ආකාරය පැහැදිලිව දැකගත හැකිය.

ටොන් එකත් ඉක්මවූ යෝධ වට්ටක්කයක් - UK ගොවියා ලොවම පුදුම කරයි

ටොන් එකත් ඉක්මවූ යෝධ වට්ටක්කයක් - UK ගොවියා ලොවම පුදුම කරයි