නුවරඑළිය යටවෙයි - මහවැසි ඇඳ හැලෙයි - රථ වාහන ගමනා ගමනයට බාධා
By Ashfa
ඊයේ (17) දින පස්වරුවේ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්රදේශයට අකුණු සහිත දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.
අධික වර්ෂාවත් සමග නුවරඑළිය නගර මධ්යයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණියේය.
අධික වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල, නුවරඑළිය මහ නුවර සහ නුවරඑළිය හැටන් මාර්ගයද වැසි වතුරින් පිරි තිබුණි.