පාරු අනතුරෙන් මියගිය දරු දෙදෙනා දින දෙකකට පෙර කළ සංවේදි වීඩියෝව
ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කලපුව හරහා යාත්‍රා කරමින් තිබූ පෞද්ගලික පාලම් පාරුවක් පෙරේදා (23) පෙරවරුවේ පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.
පාලම් පාරුව පෙරළීමෙන් දිවි අහිමි වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා මියයෑමට දින දෙකකට පෙර ජංගම දුරකථනයකින් සිදුකර තිබූ පටිගත කිරීමක් අප වෙත ලැබී තිබුණි.
මේ අතර කුරින්චාකේනි කලපුව හරහා පාරුවකින් මගීන් ප්‍රවාහනය කිරීමට නීත්‍යානුකූල නොවන අවසරයක් ලබාදුන් කින්නියා නගර සභාවේ සභාපති S.H.M. නලීම් මහතා අද කින්නියා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඔහු අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
මෙම අවස්ථාව පටිගත කිරීමට ගිය අද දෙරණ මාධ්‍යවේදීයාට කින්නියා සභාපතිවරයාගේ ආධාරකරුවන් බාධා කර තිබුණි. මේ අතර අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද කින්නියා මූලික රෝහලට පැමිණියාය.
පළාත් ආණ්ඩුකාරවරියගේ උපදෙස් අනුව ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කලපුව හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට නාවික හමුදාව අද බෝට්ටු සේවාවක් ආරම්භ කළේය.
පාලම් පාරුව පෙරළීම නිසා දිවි අහිමිවූවන්ට ශෝකය පළකරමින් කින්නියා නගරයේ සියලුම පාසල් හා වෙළෙඳසැල් අද වසා දමා තිබුණි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |