බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් දුම්රියේ ගැටී දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට

Report

කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 17 හැවිරිදි සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

එසේම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තවත් අවුරුදු 9ක හා 16ක දැරියක් සහ දරුවෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

මොවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් බව පොලීසිය සඳහන් කරයි.

එසේම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරින් මෝටර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කළ මවට අනතුරක් සිදුව නොමැති බවයි.  

ලොවක් කම්පා කළ නේපාලයේ ඇති වූ හදිසි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළට - 400කට වැඩි පිරිසක් අතුරුදහන්

ලොවක් කම්පා කළ නේපාලයේ ඇති වූ හදිසි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළට - 400කට වැඩි පිරිසක් අතුරුදහන්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්