නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් - මේ උපදෙස් වහාම පිළිපදින්නයි ආරක්ෂක උපදේශනයක් නිකුත් කරයි

Report

ටිබෙට් පැත්තේ සිට රසුවා දිස්ත්‍රික්කයේ භෝටේ කෝෂි ගඟ ඔස්සේ නේපාලයට ඇතුළු වූ හදිසි ගංවතුරක් හේතුවෙන් කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාලයේ සිටින ශ්‍රී ලාංකික ජාතිකයින්ට ආරක්ෂක උපදේශනයක් නිකුත් කර ඇත.

ඒ අනුව තානාපති කාර්යාලයට අනුව, හදිසි ගංවතුර නිසා තිමුරේ සහ සයබෲබේසි ප්‍රදේශවල ජනාවාසවලට සැලකිය යුතු හානියක් සිදුවී ඇති අතර, භෝටේ කෝෂි සහ ත්‍රිෂූලි ගංගාවල පහළ කොටස්වල ආරක්ෂක ගැටළු මතු වී ඇත.

එබැවින් භෝටේ කෝෂි සහ ත්‍රිශූලි ගංගා කොරිඩෝව දිගේ රසුවා, නුවාකොට්, ධාඩිං, ගොර්කා, චිත්වාන් සහ අනෙකුත් ප්‍රදේශවල සංචාරය කරන හෝ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ජාතිකයින්ගෙන් දැඩි ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් ඉල්ලා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ නේපාලයේ සිටි ශ්‍රී ලාංකිකයන් ගැන දැනුවත් කිරීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ නේපාලයේ සිටි ශ්‍රී ලාංකිකයන් ගැන දැනුවත් කිරීමක්

එසේම ගංගා, ගං ඉවුරු, පාලම් සහ පහත් බිම් ප්‍රදේශවලට ආසන්නව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, පළාත් පාලන ආයතන සහ ආරක්ෂක ආයතන විසින් නිකුත් කරන ලද උපදෙස් පිළිපදින ලෙසත්, තත්ත්වය පැහැදිලි වන තුරු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී ඇත.

මේ අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ගමනක් යාමට පෙර මාර්ග තත්ත්වය පරීක්ෂා කර බලා ජලයෙන් යට වූ මාර්ග, ඇළ දොළ හෝ ගංගා තරණය කිරීමට උත්සාහ නොකරන ලෙසද ඉල්ලා සිටියි.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

ඊට අමතරව පළාත් පාලන ආයතන විසින් උපදෙස් දෙනු ලැබුවහොත් වහාම ඉහළ සහ ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබෙනවා.

තවද මාර්ග තත්ත්වය ආරක්ෂිත බවත් ගංවතුර තර්ජනය පහව ගොස් ඇති බවත් නිල මූලාශ්‍ර තහවුරු කරන තුරු, බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවලට යාමට සැලසුම් කරන ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගමන් කල් දමන ලෙසත් උපදෙස් දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම සහාය අවශ්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන්ට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්නැයි දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය +977 9851048653 වන අතර, slemk.kathmandu@mfa.gov.lk හරහාද සහාය ලබා ගත හැකි බව දන්වයි.

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

Gallery