ඔයා ඉන්න ෆේස්බුක් ගෘප්වලටත් මේවා ආවද? බරපතළයි - සිසුන් සහ කාන්තාවන් ගැන අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්
ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ සමූහ නිර්මාණය කරගනිමින් ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන මෙන්ම පුද්ගලික ඡායාරූප මුදලට අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ ඔන්ලයින් ජාවාරමක් පිළිබඳ කරුණු හෙළි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත්, කාන්තාවන් සහ ළමුන් වින්දිතභාවයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් මැදිහත්වීම් සිදුකරන බවත් නිවේදනය කර ඇත.
එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිදුකරන ලද මූලික සොයා බැලීම්වලින් අනාවරණය වූ තොරතුරු පිළිබඳ සොයාබැලීමට ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතද යොමුකර ඇති බවයි.
මෙම ජාවාරම්කාර සමූහ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ගිණුම් ඔස්සේ තම සමීපතමයින්ගේ සහ පවුලේම සාමාජික කාන්තාවන්ගේ ඡායාරූප හා වීඩියෝ පට මෙසේ අලෙවි කිරීමට උත්සාහ කරන බවට අනාවරණය වී තිබෙනවා.
එසේම මෙම සමූහ බොහොමයක් විදේශ රටවල සිට මෙහෙයවන බවද හඳුනාගෙන ඇති බව සඳහන්. එබැවින් තම පවුලේ කාන්තාවන් සහ ළමුන් නිවස තුළදීම මෙසේ අනාරක්ෂිත වීමේ අවධානමක් පවතින බැවින්, දෙමව්පියන් සිය දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වයි.
එමෙන්ම යම් ලෙසකින් පවුලේ අයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් හෝ ඊට ඇබ්බැහි වූවෙකු ලෙස නිරීක්ෂණය වුවහොත්, ඔවුන් වහාම මනෝ සමාජයීය උපදේශනය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දී තිබෙනවා.
එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්
ඒ අනුව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවලින් ආරක්ෂා වීමට සහ අදාළ නෛතික සහය ලබාගැනීමට 1938 සහ 1929 යන ගාස්තු රහිත උපකාරක දුරකථන අංක හඳුන්වා දී ඇත.
එමෙන්ම මෙම අවදානම් තත්ත්වය පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින්ද මේ වනවිට ලිපි සහ වීඩියෝ පට විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්කරමින් දැනුවත් කිරීම් සිදු කරමින් පවතින බව ද වාර්තා වේ.