දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර අනෙකුත් ඉන්ධන සැපයුම් සමාගම් ණය පදනම මත ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, දීර්ඝ සති අන්තයේදී ඉන්ධන පිරවුම්හල්වල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවන බව සඳහන්.

ඒ අනුව එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඇතැම් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් මේ දිනවල ඉන්ධන නිකුත් කිරීමේදී එසැණින් මුදල් ගෙවන ලෙස බලකර සිටින බවයි.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවත්, එය සති අන්තයේදී පාරිභෝගිකයන්ට බලපාන ඉන්ධන හිඟයකට මඟ පෑදිය හැකි බවත් ය.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා පිරවුම්හල් වෙනුවෙන් මෙම ගැටලුව බලනොපාන බවත්, එම සංස්ථාව තවදුරටත් පිරවුම්හල් හිමියන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදෙන බවත් ඔහු පවසා ඇති බව වාර්තා වේ.

සභාපතිවරයා පැහැදි කරන ආකාරයට පිරවුම්හල්වල සිදුවන ගනුදෙනුවලින් බහුතරයක් ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සිදුවන අතර, එම මුදල් පිරවුම්හල් හිමියන්ගේ ගිණුම්වලට බැර වීමට දින කිහිපයක් ගතවීම හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන්ට එසැණින් මුදල් ගෙවීමට පිරවුම්හල් හිමියන් අපහසුතාවයට පත්ව සිටියි.

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එසේම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය ඉන්ධන මිලෙහි පවතින අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගෙන, ඉන්ධන බෙදාහැරීමට මේ වන විට ක්‍රියාත්මක QR කේත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බව රජය සඳහන් කරයි.

ඒ අනුව කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළඳපොළේ තත්ත්වය යහපත් වන තෙක් මහජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහතික කිරීමට මෙම තීරණය ගත් බවයි.

එසේම පවතින තත්ත්වය හමුවේ මෙරට ඩීසල් පරිභෝජනය 10%කින් සහ පෙට්‍රල් පරිභෝජනය 5%කින් පමණ පහත වැටී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී හෙළි කර ඇත.

එමෙන්ම ගෝලීය ඉන්ධන අර්බුදය සමනය වන තෙක් QR ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බව රජය අපේක්ෂාවයි.

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

අද මේ පළාත්වලට මි. මී 75 ක තද වැසි - 2න් පසු වෙන දේ දන්වා නිකුත් කළ නිවේදනයක්

අද මේ පළාත්වලට මි. මී 75 ක තද වැසි - 2න් පසු වෙන දේ දන්වා නිකුත් කළ නිවේදනයක්